header logo
SLIC
ක්‍රීඩා
කැනඩා - බොස්නියා හර්ට්සගවීනා තරගය ගෝල 1-1ක් ලෙස සමවෙයි
Jun 13, 202608:34 AM
කැනඩා - බොස්නියා හර්ට්සගවීනා තරගය ගෝල 1-1ක් ලෙස සමවෙයි
EDEX

FIFA ලෝක කුසලාන තරගාවලියේ 'B' කාණ්ඩය යටතේ සත්කාරක කැනඩාව සහ බොස්නියා හර්ට්සගවීනා අතර පැවැති තරගය ගෝල 1-1ක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් විය.

මෙරට වේලාවෙන් අද (13) උදෑසන නිමාවට පත් වූ මෙම උණුසුම් තරගය පැවැත්වුණේ 40,000කට අධික ප්‍රේක්ෂක ධාරිතාවකින් යුත් ටොරොන්ටෝ ක්‍රීඩාංගණයේදී ය.

තරගය ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වූ අතර, සත්කාරක කැනඩා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් තරගයේ 21 වැනි මිනිත්තුවේදී ගෝලයක් වර්තා කිරීමට බොස්නියා හසර්ගොවිනා කණ්ඩායමේ ජොවෝ ලුකික් සමත් විය.

ලබාගත් එම පෙරමුණ දෙවැනි අර්ධයේ අවසන් මිනිත්තු කිහිපය දක්වාම රඳවා ගැනීමට බොස්නියා හර්ට්සගවීනා ක්‍රීඩකයින් සමත් වුවද, 78 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ කැනඩාවේ සයිල් ලැරින් ප්‍රතිවාදී ආරක්ෂක වළල්ල බිඳදමමින් සත්කාරකයින් වෙනුවෙන් තීරණාත්මක ගෝලය වාර්තා කරමින් තරගය සම තත්ත්වයට පත් කළේය.

ඉන් අනතුරුව තරගය අවසන් වන තෙක්ම දෙපාර්ශවයටම අමතර ගෝල ලබා ගැනීමට නොහැකි වූ බැවින් තරගය සම ලකුණු මට්ටමකින් නිමාවට පත්විය.

තරගය අතරතුරදී දැඩිලෙස ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ බොස්නියා හර්ට්සගවීනා ක්‍රීඩකයින් තිදෙනෙකුටම 'කහ කාඩ්පත්' අවවාද ලැබීමද විශේෂත්වයකි.

මෙම තරග ප්‍රතිඵලයත් සමඟ කණ්ඩායම් දෙකේ FIFA ලෝක ශ්‍රේණිගත කිරීම්වලද වෙනස්කම් සිදුව ඇත.

බොස්නියා හසර්ගොවිනාව එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 63 වැනි ස්ථානයට පැමිණීමට සමත්ව තිබේ.

කෙසේ නමුත් කැනඩාව පෙර පැවැති 30 වැනි ස්ථානයේ සිට 31 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසුබැස ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight