දුම්රිය පීලිපැනීමක්

දුම්රිය පීලිපැනීමක්

June 13, 2026   08:23 am

රඹුක්කන ප්‍රදේශයේදී දුම්රියක් පීලිපැනීමකට ලක්ව ඇති දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි නියෝජ්‍ය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේ, රඹුක්කන සිට පානදුර දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ දුම්රිය මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇති බවය.

මේ හේතුවෙන් කිසිදු දුම්රිය ප්‍රමාදයක් සිදුව නොවන බව ඔහු පැවසුවේය.

දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේවනවිට ආරම්භ කර තිබේ.