header logo
SLIC
ක්‍රීඩා
ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
Jun 13, 202606:15 AM
ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
EDEX

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් සත්කාරක එංගලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 87ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

මෙරට වේලාවෙන් අද (13) අලුයම අවසන්වූ මෙම තරගයේ එංගලන්තය ලබාදුන් ලකුණු 220ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 132ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 20 තුළදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 219ක් රැස්කළේය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ ඩැනී වියාට්-හොජ් පන්දු 62කට පමණක් මුහුණදෙමින් ලකුණු 105ක් රැස්කළාය.

එමෙන්ම ඇය සමගින් පළමු කඩුල්ලට ලකුණු 135ක සබඳතාවක් පැවැත්වීමට දායක වූ ඒමි ජෝන්ස් පන්දු 38කින් ලකුණු 53ක් රැස්කිරීමට සමත් විය.

බිඳවැටුණු එකම කඩුල්ලට හිමිකම් කීමට මල්කා මදාරා සමත්වුවද, ඇය පන්දුවාර 4 අවසන් කළේ ප්‍රතිවාදීන්ට ලකුණු 51ක් ලබාදෙමින්ය.

මේ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිලක්ෂි ද සිල්වා ලකුණු 39ක් හා හර්ෂිතා සමරවික්‍රම පන්දු 18කින් ලකුණු 29ක් රැස්කිරීම හැරෙන්න වෙනත් කිසිවෙකුට සාර්ථක පිතිහරඹයක නිතරවීමට නොහැකි විය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight