T20 කාන්තා ලෝක කුසලානය -  ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයි

T20 කාන්තා ලෝක කුසලානය - ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයි

June 12, 2026   10:41 pm

2026 ICC විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේදී අද (12) ආරම්භ වුණි.

සමාරම්භක තරගය අද සත්කාරක එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර බර්මින්හැම්හැදී එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළාය.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 12ක් සුදුසුකම් ලබා ඇති අතර, එය විස්සයි20 කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කණ්ඩායම් සංඛ්‍යාවක් සහභාගි වන පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වේ.

සුදුසුකම් ලැබූ කණ්ඩායම් 'A' සහ 'B' ලෙස කණ්ඩායම් 6 බැගින් වූ කාණ්ඩ 2ක් යටතේ තරගවදිනු ඇත.

එහි 'A' කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව හා නෙදර්ලන්තය එක්ව සිටියි.

'B' කාණ්ඩයට එංගලන්තය, අයර්ලන්තය, නවසීලන්තය, ස්කොට්ලන්තය, ශ්‍රී ලංකාව හා බ.ඉ. කොදෙව්වන් තරග කරනු ලබයි.