ඊලෝන් මස්ක් ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
June 12, 2026 10:13 pm
තාක්ෂණය, අභ්‍යවකාශ සහ විද්‍යුත් වාහන ක්ෂේත්රවල දැවැන්ත බලපෑමක් ඇති කළ ව්‍යාපාරිකයෙකු වන ඊලෝන් මස්ක් ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
සුප්‍රසිද්ධ SpaceX සමාගම කොටස් වෙළෙඳපොළට ඇතුළත් කිරීමත් සමග එහි කොටස් අමෙරිකානු ඩොලර් 150 කින් ආරම්භවී ඉතා ඉක්මනින් අමෙරිකානු ඩොලර් 160 දක්වා ඉහළ ගොස් ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සමාගම සිය IPO හි අමෙරිකානු ඩොලර් බිලියන 75ක් රැස් කරමින් නව වාර්තාවක් තබා ඇති බවය.
SpaceX ආයතනයේ ඔහු සතු කොටස්වල වටිනාකම ඇතුළු ඔහුගේ වත්කම් ඉහළ යාමත් සමඟ, ඔහුගේ සමස්ත වත්කම් වටිනාකම අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.1 ඉක්මවනු ඇතැයි ගණනය කර තිබේ.
Tesla හරහා ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූ මස්ක්, පසුව Twitter මිලදී ගැනීමත් සමඟ අන්තර්ජාල ක්ෂේත්රයේද ප්‍රබල චරිතයක් බවට පත්විය.
එමෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ රජයේ කාර්යක්ෂමතා වැඩසටහන්වලට සම්බන්ධ වීමත් සමඟ ඔහුගේ දේශපාලන භූමිකාවද දැඩි අවධානයට ලක්විය.
