
ඉන්දියාවේ වැඩිම කලක් පාලනය ගෙනගිය, ජනතාව විසින් තෝරාපත් කරන ලද අග්‍රාමාත්‍යවරයා බවට පත්වෙමින් නරේන්ද්‍ර මෝදි තැබූ වාර්තාව රුසියානු ජනාධිපති මන්දිරයේදී (ක්‍රෙම්ලිනය) ඇගයීමට ලක්වී තිබේ.
එහිදී ක්‍රෙම්ලිනය පෙන්වාදී ඇත්තේ මෝදිගේ පාලන කාලය තුළ ඉන්දීය වැසියන් මිලියන 250ක් දරිද්‍රතාවයෙන් මුදා ගැනීමට හැකිවී ඇති බවය.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට නූතන ඉන්දීය ඉතිහාසයේ වැඩිම කලක් බලයේ රැඳී සිටි, තේරී පත්වූ අග්‍රාමාත්‍යවරයා ලෙස ජවහර්ලාල් නේරු තබා තිබූ වාර්තාව පසුකර යාමට මෝදි පසුගිය බදාදා සමත්වූ බවය.
හිටපු අග්‍රාමාත්‍ය නේරු දින 4,398ක් අගමැති ධුරය හෙබවා ඇති අතර, නරේන්ද්‍ර මෝදි මේ වන විට දින 4,399ක් එම ධුරයේ සේවය කර තිබේ.
























