රංගගේ මරණය ගැන අධිකරණයෙන් පොලිසියට නියෝගයක්

රංගගේ මරණය ගැන අධිකරණයෙන් පොලිසියට නියෝගයක්

June 12, 2026   08:17 pm

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නොපමාව සිදුකර අධිකරණයට වාර්තාකරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා අද (12) පොලිසියට නියම කළේය.

ඒ අනුව මරණ පරීක්ෂණය සම්බන්ධ තීන්දුව ලබාදීම ජුලි 31වැනිදා තෙක් කල් තැබිණි.

මුදල් අමාත්‍යාංශයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මියගිය රංග රාජපක්ෂ මහතා චෝදනා ලබා වැඩතහනමට ලක්ව සිටියේය.