කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනියි
June 12, 2026 04:28 pm
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කේන් විලියම්සන් වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.
එංගලන්තය සමඟ තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගීවන අතරතුර ඔහු මෙම තීරණය ගෙන ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඒ අනුව දෙරට අතර පැවැත්වෙන දෙවන සහ තෙවන තරග සඳහා විලියම්සන් ක්‍රීඩා නොකරනු ඇත.
2024 වසරේ සිට නවසීලන්ත ක්‍රිකට් ගිවිසුමට ඇතුළත් නොසිටි ඔහු ප්‍රීමියර් ලීග් තරගවලට මුල් තැන දෙමින් තෝරාගත් ජාත්‍යන්තර තරග සඳහා පමණක් ක්‍රීඩා කළේය.
සිය මව්රට වෙනුවෙන් කේන් විලියම්සන් ටෙස්ට් තරග 110කදී ලකුණු 9515ක් රැස්කරගෙන සිටියි.
එක්දින තරග 175කට ක්‍රීඩා කර ඇති ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 7256ක් වන අතර විස්සයි විස්ස තරග 93කදී ලකුණු 2575ක් කේන් විලියම්ස්න් විසින් රැස්කරගෙන ඇත.
