අමෙරිකානු නාවික හමුදාවේ USS කැන්බරා නෞකාව කොළඹට
June 12, 2026 03:52 pm
එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලිටෝරල් කොම්බැට් නෞකාවක් වන USS කැන්බරා නෞකාව අද (12) කොළඹ වරායට පැමිණ තිබේ.
මෙය මෙරටට පැමිණි සිව් වන එක්සත් ජනපද නාවික හමුදා ලිටොරල් කම්බැට් නෞකාව වන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කළේය.
කමාන්ඩර් ජේම්ස් මික්ලොෆ්ලින්ගේ අණදීම යටතේ USS කැන්බරා නෞකාව ඉන්ධන සහ සැපයුම් රැගෙන යාම සඳහා කොළඹ කෙටි නැවතුමක් සිදු කරන බව සඳහන්ය.
මීට පෙර USS ටල්සා, USS චාල්ස්ටන් සහ USS සැන්ටා බාර්බරා යන නෞකාවන් කොළඹට පැමිණ ඇති බව තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මෙම සංචාරයේදී ඉන්දු-පැසිෆික් කලාපය පුරා ආරක්ෂා, සහයෝගීතාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් කැපවී සිටින සමුද්‍රීය හවුල්කරුවන් අතර අඛණ්ඩ සම්බන්ධතා සහ සහයෝගීතාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් කැපවී සිටින සමුද්‍රීය හවුල්කරුවන් අතර අඛණ්ඩව සම්බන්ධතා සහ සහයෝගීතා පවත්වාගෙන යාමේ තීරණාත්මක වැදගත්කම ඉස්මතු ඇත.
මෙය වෙරළාසන්න පරිසරයන්හි ක්‍රියාත්මකවීම සඳහාත්, ඉදිරි පෙළ නාවික පැවැත්ම, සමුද්‍රීය ආරක්ෂාව, මුහුදු පාලනය සහ වැළැක්වීමේ මෙහෙයුම් සඳහා සහාය දැක්වීමට නිර්මාණය කර ඇති ඉන්ඩිපෙන්ඩන්ස් ප්‍රභේදයට අයත් ලිටෝරල් සටන් නෞකාවක් වේ.
2023 වසරේ ජූලි මාසයේදී නිල වශයෙන් සේවයට එක් වූ මෙම නෞකාව, ඉන්දු-පැසිෆික් කලාපය පුරා ශක්තිමත්, කාර්යක්ෂම සහ නම්‍යශීලී නාවික පැවැත්මක් පවත්වාගෙන යාම සඳහා එක්සත් ජනපද නාවික හමුදාව දක්වන කැපවීම පිළිබිඹු කරයි.
මෙම වරාය සංචාරය, එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා නාවික හමුදාවන් අතර පවතින දිගුකාලීන සබඳතා මෙන්ම අපගේ ද්විපාර්ශ්වික සබඳතාවයේ ලක්ෂණයක් වන සමීප සහයෝගීතාවය ද පෙන්නුම් කරනු ඇත.
ඉන්දු-පැසිෆික් කලාපය පුරා සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු වන ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට තමන් අඛණ්ඩව කැපවී සිටින බව අමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.
