ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
June 12, 2026 11:05 am
ශ්රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්රමාණය වී තිබේ.
ඒ අනුව, මහ බැංකුව විසින් අද (12) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.42ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 341.36ක් ලෙස සටහන් වී ඇත.
ඊයේ (11) වනදා ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක මිලදී ගැණුම් මිල රුපියල් 327.67ක් ලෙස සටහන් විය.
එමෙන්ම ඩොලරයක විකිණීමේ අනුපාතිකය රුපියල් 337.82ක් ලෙස ඊයේ ප්රකාශයට පත් කර ඇත.
