
ඉන්දියාව සතු න්‍යෂ්ටික යුද ශීර්ෂ සංඛ්‍යාව 180 සිට 190 දක්වා ඉහළ දමා ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය (SIPRI) පෙන්වා දෙන්නේ, ඉන්දියාව සිය දිගුකාලීන ආරක්ෂක පිළිවෙත වෙනස් කරමින්, ඉතිහාසයේ පළමු වරට සාමකාමී කාලසීමාවක් තුළදී ද න්‍යෂ්ටික යුද ශීර්ෂ 12ක් වහාම භාවිත කළ හැකි පරිදි සක්‍රීයව තබා ඇති බවය.
පාකිස්තානය, උතුරු කොරියාව සහ ඊශ්‍රායලය යන රටවල් සතු න්‍යෂ්ටික අවි ප්‍රමාණය ඉන්දියාවට වඩා පහළින් තිබෙන බවද එම වාර්තා පෙන්වා දෙයි.
මීට පෙර ඉන්දියාවේ න්‍යෂ්ටික යුද ශීර්ෂ, ඒවා දියත් කරන බැලිස්ටික් මිසයිල පද්ධතිවලින් වෙන් කර වෙනම ගබඩා කර තබා තිබුණි.
ලොව පුරා පවතින සමස්ත න්‍යෂ්ටික අවි ප්‍රමාණය රටවල් 9ක් අතර කේන්ද්‍රගතවී ඇති අතර ඉන් බහුතරයකට හිමිකම් කියනු ලබන්නේ අමෙරිකා එක්සත් ජනපදය සහ රුසියාවයි.
ලොව විශාලතම සමස්ත න්‍යෂ්ටික අවි සංචිතය රුසියාව සතුව වන අතර, එම සංඛ්‍යාව 5,420ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර ඇත.
























