
උතුරු අයර්ලන්තයේ Co Antrim ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක මාලාවක ඇතිවූ නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් පොලිස් නිළධාරීන් 12 දෙනෙකුට තුවාල සිදු වී තිබේ.
පසුගිය දිනක සිදුවූ දරුණු පිහිඇනුම් සිද්ධියක් මුල් කරගෙන උතුරු අයර්ලන්තයේ සදුදා දින සිට මෙම උද්ඝෝෂණ මාලාව ආරම්භ වී තිබේ.
අද (11) එහි තෙවන දිනටත් පැවති උද්ඝෝෂණයේදී කලහකාරී පිරිස් පොලීසිය දෙසට ගඩොල්, බෝතල් සහ ලී කැබලිවලින් ප්‍රහාර එල්ල කර ඇති අතර පුද්ගලයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර පිරිස විසුරුවා හැරීමට පොලීසියට ජල ප්‍රහාරක රථ භාවිත කිරීමට සිදු වී ඇත.
























