අමෙරිකාවෙන් ඉරානයට නැවතත් ගුවන් ප්‍රහාර මාලාවක්
June 11, 2026 06:13 am
ඉරානයට "ඉතාම දරුණු ලෙස ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා දීමෙන් අනතුරුව, එක්සත් ජනපද හමුදාව විසින් ඉරානයේ ඉලක්ක කිහිපයකට නව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
මේ අතර, උපායමාර්ගිකව වැදගත් වන හෝමුස් සමුද්‍ර සන්ධිය සන්නද්ධ යාත්‍රා, තෙල් නැව් ඇතුළු සියලුම වාණිජ නෞකා සඳහා සම්පූර්ණයෙන්ම වසා දමන බව ඉරාන හමුදාව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.
මැදපෙරදිග කලාපය තුළ මහා පරිමාණ යුද ගැටුමක් ඇතිවීමේ බිය හේතුවෙන් සහ ඉරානයේ මෙම තීරණයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
ජනාධිපති ට්‍රම්ප්ගේ දැඩි අනතුරු ඇඟවීම් මධ්‍යයේ අමෙරිකානු මධ්‍යම බලඇණිය විසින් ඉරානයේ දකුණු දිග ප්‍රදේශවල පිහිටි ඉලක්ක වෙත මෙම ප්‍රහාර එල්ල කර ඇත.
කලාපීය අනාරක්ෂිතභාවය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා ඕනෑම නෞකාවක් තම ඉලක්ක බවට පත්වන බව ඉරාන හමුදා මූලස්ථානය නිවේදනය කර තිබේ.
