header logo
SLIC
සයුරෙන් එතෙර
භූ කම්පනයෙන් විපතට පත් පිලිපීනයට ඉන්දියාවේ සහාය
Jun 10, 202608:53 AM
භූ කම්පනයෙන් විපතට පත් පිලිපීනයට ඉන්දියාවේ සහාය
EDEX

දකුණු පිලිපීනයට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් පුද්ගලයින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර 200 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය 8 වනදා දකුණු පිලිපීනයේ මින්දනාඕ වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදේ රික්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයෙන් යුතුව සටහන් වූ මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණු අතර ප්‍රදේශ කිහිපයකට දැඩි දේපළ හානි සිදු විය.

භූ කම්පනය නිසා ඉන්දුනීසියාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව යන රටවලටද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි.

මේ අතර සිදුවූ ජීවිත හානි සහ දේපොළ විනාශය පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරටට සිය කනගාටුව පළ කර තිබුණි.

'X' සටහනක් තබමින් අග්‍රාමාත්‍ය මෝදි පවසා ඇත්තේ, ව්‍යසනයෙන් විපතට පත් වූවන්ගේ පවුල් වෙත සිය ශෝකය ප්‍රකාශ කරන අතර, මෙම දුෂ්කර අවස්ථාවේදී ඉන්දියාව සැමවිටම පිලිපීනය සමඟ සිටින බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට