Online ජාවාරම් කළ තරුණියක් මාට්ටු
June 9, 2026 01:31 pm
වෙළෙඳ නාමයක් ව්‍යාජ ලෙස භාවිත කරමින්, අන්තර්ජාලය හරහා ඉහළ ආදායම් ඉපයිය හැකි බවට පවසමින් මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගම්පහ, උඩුගම්පල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණියකි.
පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකින් පසුව මෙම සැකකාරියව ඊයේ (08) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සැකකාරිය විසින් පැමිණිලිකරුගෙන් වංචා කර ඇති මුළු මුදල රුපියල් 426,300ක් බව සඳහන් වේ.
සිදුකර ඇති මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ වංචා කරන ලද සමස්ත මුදලින් රුපියල් 186,500ක මුදලක් සැකකාරියගේ පෞද්ගලික බැංකු ගිණුමකට බැර කරගෙන ඇති බවය.
මේ සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් උප ඒකකයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.
