header logo
SLIC
සයුරෙන් එතෙර
පාකිස්තාන වෛද්‍යවරියකට එරට රෝහලක් තුළදී ඇසිඩ් ප්‍රහාරයක්
Jun 09, 202609:55 AM
පාකිස්තාන වෛද්‍යවරියකට එරට රෝහලක් තුළදී ඇසිඩ් ප්‍රහාරයක්
EDEX

පාකිස්තානයේ ක්වෙටා රෝහලට සේවය කරන වෛද්‍යවරියකට එම රෝහලේම සේවකයෙකු විසින් ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

ඉන් ඇය බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

රෝහලෙන් ලබාදුන් මූලික ප්‍රතිකාරවලින් අනතුරුව ඇයව වහාම පෞද්ගලික රෝහලක් වෙත මාරු කර තිබේ.

ඇසිඩ් ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු සැකකරු රෝහලෙන් පලාගොස් ඇති අතර, ආරක්ෂක අංශ විසින් වහාම ක්‍රියාත්මකවී ඔහුව ලුහුබැඳ තිබේ.

එහිදී සැකකරු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී සැකකරු ආරක්ෂක අංශ දෙසට වෙඩිතබා ඇති අතර ආරක්ෂක අංශ විසින් සිදුකළ ප්‍රතිප්‍රහාරවලදී සැකකරු ජීවිතක්ෂයට පත්වී ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට