පිලිපීනයේ භූ කම්පනයෙන් මියගිය ගණන 32ක් දක්වා ඉහළට
June 8, 2026 09:25 pm
දකුණු පිලිපීනයේ මින්දනාඕ (Mindanao) දූපත් වෙරළ තීරයට ආසන්නව සිදුවූ රික්ටර් මාපකයේ ඒකක 7.8ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයෙන් මියගිය ගණන 32ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
අද (08) උදෑසන සිදුවූ මෙම භූ කම්පනය නිසා පිලිපීනය, ඉන්දුනීසියාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව යන රටවලට සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණු අතර පසුව ඒවා ඉවත් කර ගැනුණි.
භූ කම්පනයෙන් ගොඩනැගිලි කඩා වැටී ඇති අතර නායයෑම් ද වාර්තා වී ඇත.
මේ අතර පුද්ගලයන් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, 20කට අධික පිරිසක් අතුරුදහන් වී ඇති බවද සඳහන් වෙයි.
භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානයට ආසන්න සරංගනී (Sarangani) ප්‍රදේශයෙන් මරණ 17ක් වාර්තා වී ඇති අතර ඉන් බොහොමයක් නායයෑම් නිසා සිදුව ඇත.
ජනප්‍රිය බොක්සිං ශූර මැනී පැකියාඕගේ උපන්ගම වන 'ජෙනරල් සැන්ටොස්' නගරයෙන් මරණ 10ක් වාර්තා වී ඇත.
