ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 09 වෙනිදා
June 8, 2026 06:54 pm
2026 වසරට අදාළ 05 ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 09 වෙනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව එහි දෙවන ප්‍රශ්න පත්‍රය එදින පෙරවරු 09.30 සිට 10.45 දක්වා පැවැත්වෙනු ඇත.
පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට 12.15 දක්වා පැවැත්වීමට සැලැසුම් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
