header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සලේ තවදුරටත් රෝහලේ - කොටුවේ සත්‍යග්‍රහයට සලේගේ මවත් එක්වෙයි
Jun 08, 202612:22 PM
සලේ තවදුරටත් රෝහලේ - කොටුවේ සත්‍යග්‍රහයට සලේගේ මවත් එක්වෙයි
Mobitel 1278

ඊයේ රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු , රැඳවුම් නියෝග මත CID භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා තවමත් එහි ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඔහුව රෝහල්ගත කෙරුණේ CID නිලධාරීන් තමන්ට අමානුෂික ලෙස වදහිංසා සිදුකරන බව පවසමින් උපවාසයක නිරතව සිටින අතරතුරය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා එල්ල කරමින් ඉකුත් පෙබරවාරි 25 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව ඔහු රැඳවුම් නියෝග මත සිටියේ CID භාරයේයි.

එහිදී සුරේෂ් සලේ මහතාට CID නිලධාරීන් අමානුෂික හා කෘෘර අයුරින් සලකා ඇති බවත්, ඒ අනුව ඔහු ආහාර හා ජලය ප්‍රතික්ෂේප කරමින් උපවාසයක් අරඹා ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඉකුත් සෙනසුරාදා අනාවරණ කළේය.

අනතුරුව ඊයේ සලේ මහතාගේ සුවදුක් බැලීමට ගිය ඔහුගේ බිරිඳ , පුත්‍රයා හා සොයුරාද සලේ මහතා උපවාසයක නිරතව සිටින බව තහවුරු කළේය.

ඒ අනුව සුරේෂ් සලේ මහතා රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටීමට විරෝධය පළ කරමින් අද අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බව විපක්ෂයේ පක්ෂ කිහිපයක් ඊයේ පස්වරුවේ පැවසීය.

එවන් පසුබිමක ආහාර හා ජලය ප්‍රතික්ෂේප කරමින් සිටින සුරේෂ් සලේ මහතාව ඊයේ රාත්‍රි 8.30 ට පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට CID නිලධාරීන් පියවර ගෙන තිබුණි.

ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් මත ඔහු මෙලෙස රෝහල්ගත කළ බවය.

සලේ මහතාගේ බිරිඳ ද එම අවස්ථාවේ ඔහුගේ සුවදුක් බැලීමට ජාතික රෝහල වෙත පැමිණ තිබුණි.

ඒ අතර සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ වන විට ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන සිය සැමියා හමුවීමට ගියත් අවසර ලබාදුන්නේ දුර සිට බැලීමට පමණක් බැවින් සිය සැමියා වෙනුවෙන් නීතිමය කටයුතු සිදුකරන නීතිඥවරුන්ට ඔහු හමුවීමට අවසර ලබාදෙන ලෙස ඇය සිය ලිපිය මගින් ඉල්ලා තිබේ.

එමගින් සිය සැමියා මාරාන්තික උපවාසය අත්හැරීම සඳහා පෙළඹවීමට හැකි වනු ඇතැයිද ඇය සිය ලිපියෙන් දක්වා තිබුණි.

මෙම තීරණාත්මක මොහොතේදී සිය සැමියාට වෛද්‍ය ප්‍රතිකාර පමණක් නොව නීතිමය සහ මානසික සහායද අත්‍යවශ්‍ය වන බව සලේ මහතාගේ බිරිඳ යොමු කළ ලිපියේ සඳහන්ය.

මේ අතර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට මෙන්ම රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට විරෝධය පළකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පෙරවරුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණි.

ඒ , මහා සංඝරත්නයේ වැඩමවීමෙන් සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්ය.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට මෙන්ම
රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට විරෝධය පළකරමින් අඛණ්ඩ සත්‍යග්‍රහය අද පෙරවරු 10 ට සංවිධාන කෙරු‍ණේ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදීය.

සර්වජන බලය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු තවත් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් මේ සඳහා එක්ව සිටී.

සත්‍යග්‍රහයේ නිරතවන්නන්ට අසුන්ගැනීම සඳහා එම ස්ථානයට ආසන කිහිපයක් රැගෙන ඒමට උත්සාහ දැරීමේදී පොලිසිය ඊට බාධා කිරීමත් සමඟ එහි නොසන්සුන් තත්ත්වයක් හටගත්තේය.

රෝහල්ගතකළ සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මේ වන විටත් ප්‍රතිකාර ලබයි.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana