ඉරානයේ මිසයිල ප්‍රහාරයෙන් ගෝලීය තෙල් මිල නැවතත් ඉහළට

ඉරානයේ මිසයිල ප්‍රහාරයෙන් ගෝලීය තෙල් මිල නැවතත් ඉහළට

June 8, 2026   08:59 am

එක්සත් ජනපදය සහ ඉරානය සටන් විරාමයකට එකඟ වී ඇති පසුබිමක ඉරානය පළමු වරට ඊශ්‍රායල වෙත එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පසු ආසියානු තෙල් මිල නැවත වරක් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ගෝලීය මිණුම් ලකුණක් වන බ්‍රෙන්ටි තෙල් බැරයලක මිල 3.45%කින් ඉහළ ගොස් ඩොලර් 96.30ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එක්සත් ජනපදය වෙළඳාම් කරන බොරතෙල් බැරලයක මිල 3.41%කින් ඉහළ ගොස් ඩොලර් 93.85ක් දක්වා ඉහළ ගොස් තිබේ.