සයුරෙන් එතෙර
ජපානයට නායයාම් සහ ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
June 7, 2026 03:23 pm
නිරිත දිග ජපානයට ඇඳහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් නායයාම් සහ ගංවතුර අවදානම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
මියාසාකි සහ කගෝෂිමා ප්‍රාන්තවලට තවදුරටත් තද වැසි ඇති විය හැකි බැවින් ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මේ අතර පසුගිය පැය 24 ක කාලය තුළ ජපානයේ ෂිකෝකු ප්‍රාන්තයට මිලිමීටර් 300ක පමණ වර්ෂාපතනයක් ලැබී තිබේ.
මේ හේතුවෙන් එම ප්‍රදේශවල ඇතැම් මාර්ග ද ජලයෙන් යටවී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.
