රට තුළ සහල් හිඟයක් ඇති නොවන බවට ඇමති වසන්තගෙන් සහතිකයක්
June 7, 2026 01:50 pm
එළඹෙන මහ කන්නය දක්වා රට තුළ කිසිදු සහල් හිඟයක් ඇති නොවන බව වෙළඳ වාණිජ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, රතු සහ සුදු සහල් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ හතළිස් දහසකට ආසන්න ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලය සතුව පවතින බවය.
එමෙන්ම ප්‍රමාණවත් පරිදි ආදේශක සහල් තොග ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
පවතින මැද පෙරදිග යුද්ධය හේතුවෙන් රටේ බලශක්ති අර්බුදයක් ඇතිව තිබෙන බව ද වසන්ත සමරසිංහ මහතා පැවසීය.
තවදුරටත් යුද ගැටුම් ඇති වුව ද අපනයන ආදායම හා සංචාරක ව්‍යාපාරය දියුණුකරමින් ඩොලරය ඉහළ යාම මගින් රටේ ආර්ථිකය කඩා වැටීමට වත්මන් රජය ඉඩ නොතබන බව ද ඒ මහතා අවධාරණය කළේය.
පසුගිය මහ සහ යල කන්නය සඳහා පොහොර ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කළා මෙන් ලබන මහ කන්නයට අවශ්‍ය පොහොර ආනයනය කිරීමට ද මේ වන විට රජය කටයුතු කරමින් සිටි බවත් පොහොර සහනාධාරය, රුපියල් තිස්දහස දක්වා වැඩිකර ඇති බවද අමාත්‍යවරයා කීය.
රටේ කීරි සම්භා හිඟය හේතුවෙන් ඇතිවූ මිල ඉහළයාම පාලනය කිරීමට මේ වසරේදී ආදේශක සහල් පමණක් ආනයනය කිරීමට කටයුතු කළ අතර ගොවියා සහ පාරිභෝගිකය ආරක්ෂා කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණ ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
