අක්මීමන සමූපයේ බලය ඒකාබද්ධ විපක්ෂයට

අක්මීමන සමූපයේ බලය ඒකාබද්ධ විපක්ෂයට

June 7, 2026   01:03 pm

අක්මීමන විවිධ සේවා සමුපකාර සමිතියේ සභිකයින් තෝරාගැනීම වෙනුවෙන් පැවැති නිලවරණයෙන් සභික ධුර 50ක් දිනා ගනිමින් එහි පාලන බලය පිහිටුවීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සමත්ව තිබේ.

ඊයේ (06) පැවැති මෙම නිලවරණයේදී සමස්ත සභික ධුර ප්‍රමාණයෙන් බහුතර බලය ලබා ගැනීමට ඒකාබද්ධ විපක්ෂ සමත් වූ අතර, ජාතික ජන බලවේගයට ලබා ගැනීමට හැකි වූයේ සභික ධුර 43ක් පමණි.

ඒ අනුව, සමුපකාර සමිතියේ නව පාලනය පිහිටුවීම සඳහා ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම මේ වන විට කටයුතු සූදානම් කරමින් සිටී.