අතුරුදන්ව සිටි අඩවි වන කාර්යාල සේවකයාගේ මළසිරුර ළිඳකින් හමුවෙයි

අතුරුදන්ව සිටි අඩවි වන කාර්යාල සේවකයාගේ මළසිරුර ළිඳකින් හමුවෙයි

June 7, 2026   12:22 pm

අතුරුදන්ව සිටි අඩවි වන කාර්යාල සේවකයෙකුගේ මළසිරුරක් එම කාර්යාලය ආසන්නයේ ඇති ළිඳක තිබී සොයා ගෙන තිබේ.

අදාළ පුද්ගලයා ඉකුත් 05වනදා දින සිට අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ලකට අනුව ජයපුරම් පොලීසිය විසින් සිදු කළ විමර්ශනයක දී මෙම මළසිරුර සොයා ගෙන ඇත.

විමර්ශන නිලධාරින් විසින් පොලිස් නිල සුනඛයන්ගේ සහාය ද ඇතිව සිදුකළ සොයා බැලීමේදී එම කාර්යාලය පසුපස තිබී අතුරුදන්වූ පුද්ගලයාගේ ජංගම දුරකථනය හමුවී ඇති අතර පසුව ඒ ආසන්නයේ ඇති ළිඳක් පරීක්ෂා කිරීමේදී එහි තිබී ඔහුගේ මෘතශරීරය හමුවී ඇත. 

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 41ක් වූ තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර ජයපුරම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.