header logo
SLIC
ක්‍රීඩා
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයක්
Jun 07, 202609:25 AM
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයක්
EDEX

විස්සයි විස්ස කාන්තා ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියට සමගාමීව පාකිස්තානය සමඟ පැවති පෙර පුහුණු තරගය කඩුලු 09කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 168කි.

එහිදී ෆතිමා සනා ලකුණු 37ක් සහ මුනීබා අලි ලකුණු 36ක් ලබාගත්තහ.

පන්දුයැවීමේදී චේතනා විමුක්ති කඩුලු 04ක් බිඳහෙළුවාය.

ජයග්‍රහණය සඳහා ලකුණු 169ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.4ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළහ.

එහිදී චමරි අත‍පත්තු ලකුණු 94ක් ලබාගත් අතර විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 63ක් රැස්කළාය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight