මර්ලින් කතා මාලාවේ ආතර්ගේ පියා වූ ඇන්තනී හෙඩ් අභාවප්‍රාප්ත වෙයි
June 6, 2026 07:15 am
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වූ බ්‍රිතාන්‍යයේ 'මර්ලින්' (Merlin) රූපවාහිනී කතා මාලාවේ, ආතර් කුමරුගේ පියා වූ 'ඌතර් පෙන්ඩ්‍රැගන්' රජුගේ චරිතයට පණ පෙවූ ප්‍රවීණ නළු ඇන්තනී හෙඩ් (Anthony Head) අභාවප්‍රාප්ත වී තිබේ.
දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වූ ඔහු මියයන විට 72 වැනි වියේ පසුවිය.
'මර්ලින්' කතා මාලාවට අමතරව 'Buffy the Vampire Slayer', 'Ted Lasso' සහ 'Little Britain' ඇතුළු ලොව පුරා ප්‍රසිද්ධියට පත් ටෙලි නාට්‍ය රැසක් හරහා ඔහු ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට සමත් විය.
විශේෂයෙන්ම 1990 දශකයේ අගභාගයේ විකාශය වූ 'බෆී' (Buffy) කතා මාලාවේ 'රූපට් ජයිල්ස්' ලෙස කළ රංගනයෙන් ජාත්‍යන්තර කීර්තියක් අත්කර ගැනීමට ඔහුට හැකිවිය.
කලක සිට රෝගී තත්ත්වයෙන් පසු වූ ඇන්තනී හෙඩ්, නියුමෝනියාව හේතුවෙන් ඇති වූ සංකූලතා මත මියගිය බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග තහවුරු කර ඇත.
