
සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හමුවීමට ඔහුගේ සහෝදරිය වන අලීමා ඛාන්ට එරට බලධාරීන් යළිත් වරක් අවසරදීම ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රඳවා සිටින සිරකරුවෙකු හමුවීමට ඇති අවස්ථාව මෙලෙස දිගින් දිගටම අහිමි කිරීම සම්බන්ධයෙන් ඇය කනස්සල්ල පලකර තිබේ.
ඉම්රාන් ඛාන් රඳවා සිටින දැඩි ආරක්ෂාවක් සහිත අඩියාලා බන්ධනාගාරයෙන් පිටත මාධ්‍යවේදීන් ඇමතූ අලීමා ඛාන් කියා සිටියේ, පාකිස්තාන PTI පක්ෂයේ නායකයා හමුවීමට පැමිණීම තමන් සතු ව්‍යවස්ථාපිත අයිතිවාසිකමක් බවය.
පාලකයින්ට බලපෑම් කළ හැකි එකම ක්‍රමය මෙය බැවින්, බන්ධනාගාරය වෙත පැමිණීම තමන් කිසිසේත් නතර නොකරන බවද ඇය පවසා ඇත.

























