header logo
SLIC
ක්‍රීඩා
බංග්ලාදේශ වේග පන්දු පුහුණුකරු ෂෝන් ටේට් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Jun 04, 202606:23 PM
බංග්ලාදේශ වේග පන්දු පුහුණුකරු ෂෝන් ටේට් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
EDEX

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ඔස්ට්‍රේලියානු හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ෂෝන් ටේට් වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) සමග වසරක කාලයක් සාර්ථකව කටයුතු කිරීමෙන් අනතුරුව ඔහු මෙම තීරණය ගෙන ඇත.

ටේට්ගේ මෙම හදිසි ඉල්ලා අස්වීමට හේතුව ලෙස දක්වා ඇත්තේ, සිය පවුලේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් ලබාදීමට අවශ්‍ය බවය.

නවසීලන්ත හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රේ ඇඩම්ස්ගෙන් හිස් වූ බංග්ලාදේශ වේග පන්දු පුහුණුකරු ධුරය සඳහා ටේට් පත්වූයේ පසුගිය වසරේ මැයි මාසයේදීය.

ෂෝන් ටේට්ගේ ඉල්ලා අස්වීමත් සමග පුහුණුකරු ධුරයේ ඇති වූ පුරප්පාඩුව වෙනුවෙන්, තාවකාලික වේග පන්දු පුහුණුකරු ලෙස බංග්ලාදේශ හිටපු වේග පන්දු යවන්නෙකු වන තල්හා ජුබෙයාර් පත් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight