මත්කුඩු ජාලයේ ලොක්කන් 5 දෙනාගෙන් එක් අයෙක් ශිරාන් බාසික්-පොලීසිය

මත්කුඩු ජාලයේ ලොක්කන් 5 දෙනාගෙන් එක් අයෙක් ශිරාන් බාසික්-පොලීසිය

June 3, 2026   07:11 pm

මෙරටට මත්ද්‍රව්‍ය ගෙන්වන ප්‍රධාන ජාවාරම්කරුවන් 5 දෙනාගෙන් එක් අයෙකු ලෙස 'ශිරාන් බාසික්' හදුනාගෙන ඇති බව පොලීසිය පවසා තිබේ.

මෙරටින් පලා ගොස් විදෙස් රටක සැගව සිටින 'ශිරාන් බාසික්' නැමැත්තා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ශ්‍රී ලංකාව සහ අමෙරිකාව ද ඉල්ලා ඇති බවට තොරතුරු වාර්තා වන බව අපරාධ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතා පවසයි.

අද දෙරණ 'Big Focus' වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා අද මේ බව අනාවරණය කළේය.