හොරණ බටගොඩ ප්රදේශයේ වැඩිහිටි නිවාසයක ගින්නක්
June 3, 2026 06:44 pm
හොරණ - බටගොඩ ගල්පාත ප්රදේශයේ වැඩිහිටි නිවාසයක හටගත් ගින්නකට එහිසිටි පුද්ගලයින් තිදෙනෙකු හසු වී ඇති බව වාර්තා වේ.
අද (03) පස්වරුවේ මෙම ගින්න හට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
මෙම වැඩිහිටි නිවාසය තුළ සිට පුද්ගලයින් 55දෙනෙකු තුවාල ලබා ගල්පාත සහ හොරණ රෝහල්වලට ඇතුළත් කර ඇත.
ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 3ක් යොදවා අති බව පොලීසිය පවසයි.
