ආරක්ෂක නි.ඇමති ත්‍රිකුණාමලයේ ගැටලු පිළිබඳ සාකච්ඡාවක

ආරක්ෂක නි.ඇමති ත්‍රිකුණාමලයේ ගැටලු පිළිබඳ සාකච්ඡාවක

June 3, 2026   09:57 am

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට ආර‍ක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා ඊයේ (02) ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක නිරත විය.

ඊට විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති අරුන් හේමචන්ද්‍ර, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් මෙන්ම පළාත් පාලන ආයතන නියෝජිතයන්ද එක්විය.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ විශ්‍රාමික රණවිරු ප්‍රජාවට සහ පොදු මහජනතාවට තමන් මුහුණදෙන ගැටළු, දුක්ගැනවිලි සහ සංවර්ධනයට අදාළ කරුණු සෘජුවම අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට මෙහිදී අවස්ථාව සලසාදී තිබුණි.

මෙම අවස්ථාවේදී, රණවිරුවන් සහ ප්‍රදේශවාසීන් විසින් ඉදිරිපත් කරන ලද විවිධ කරුණු පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා සොයා බැලූ අතර, එම ගැටළු සඳහා කාර්යක්‍ෂම හා කඩිනම් පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස්දී තිබේ.