ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක ගින්නක් - 22ක් රෝහලට

ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක ගින්නක් - 22ක් රෝහලට

June 3, 2026   09:52 am

ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක අද (03) පෙරවරුවේ ඇති වූ ගින්නකින් එහි සේවිකාවන් 22 දෙනෙකු පමණ රෝහල්ගත කර තිබේ.

ඇඹිලිපිටිය නෝනාගම සුදුපාලම අසල ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි කර්මාන්ත ශාලාවක ගබඩාවක් තුළ මෙම ගින්න හටගෙන ඇති බව පොලීසිය පැවසුවේය. 

ගින්න හේතුවෙන් පිළිස්සුම් තුවාල ලැබූ සහ විෂ දුම ආඝ්‍රාණය වූ අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් පිරිසක් මෙලෙස ඇඹිලිපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්ය. 

සෙවනගල ගිනි නිවන ඒකක විසින් ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.