
බලශක්තිය ඉතිරි කරගැනීමේ අරමුණින් වෙළඳපොළවල් වේලාසනින් වසා දැමීමට රජය ගෙන තිබූ තීරණය නැවත ක්‍රියාත්මක කළහොත්, ඊට එරෙහිව රටපුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බව පාකිස්තානයේ ප්‍රමුඛ පෙළේ වෙළෙඳුන් අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෙළෙඳ සංගම් එරට රජයෙන් ඉල්ලා ඇත්තේ අගුලු දැමීමේ සීමාවන් ස්ථිරවම ඉවත් කරන ලෙසය.
මිල අධික ආනයනික ඉන්ධන පිරිමසා ගැනීමේ අරමුණින් යුත් අරපිරිමැසුම් සැලැස්මක කොටසක් ලෙස, පසුගිය අප්‍රේල් මුල් භාගයේදී පාකිස්තාන රජය විසින් කඩසාප්පු, වෙළඳපොළවල් සහ සාප්පු සංකීර්ණ රාත්‍රී 8 වන විට වසා දැමීමට නියෝග කර තිබුණි.
එසේම අවන්හල්, බේකරි, සිල්ලර කඩ සහ මංගල උත්සව ශාලා රාත්‍රී 10 වනවිට වසා දැමිය යුතුවිය.
කෙසේ වෙතත් හජ්ජි උත්සවය නිමිත්තෙන් මෙම වෙළඳපොළ සීමාවන් මැයි 31 වනදා දක්වා ලිහිල් කරන බව රජය මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
එවන් පසුබිමක් තුළ ජුනි පළමු වනදායින් පසුව මෙම සීමාවන් පැනවීමට කටයුතු කළහොත්, රට පුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බව වෙළෙඳුන් මෙලෙස අනතුරු අඟවා තිබේ.

























