මීගොඩ මාරක අනතුරේ කැබ් රථ හිමිකරුට විදෙස් ගමන් තහනමක්
June 2, 2026 04:15 pm
මීගොඩ මං සන්ධියේදී දන්සලක පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අදාළ කැබ් රථයේ හිමිකරුට හෝමාගම මහේස්ත්රාත් අධිකරණය විසින් විදෙස් තහනමක් පනවා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය විසින් අද (02) හෝමාගම මහේස්ත්රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු මෙම නියෝගය ලබා දී ඇති බවයි වාර්තා වේ.
එමෙන්ම රිය අනතුර සිදු අවස්ථාවේ කැබ් රථයේ සිට පළා ගිය රථයේ හිමිකරු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් 03ක් විමර්ශන ආරම්භ කර ඇත.
පසුගිය 31 රාත්රි මීගොඩ මං සන්ධියේ තිබූ දන්සලක පෝලිමේ රැඳී සිටි පිරිසක් වෙතට කැබ් රථයක් කඩා වැදීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙන් 06 දෙනෙකු මියගොස් තවත් 08 දෙනෙකු තුවාල ලැබීය.
