‍ටෙස්ට් පන්දුව සම්බන්ධයෙන් ICC තීරණයක් 

‍ටෙස්ට් පන්දුව සම්බන්ධයෙන් ICC තීරණයක් 

June 2, 2026   12:28 pm

‍ටෙස්ට් ක්‍රිකට් තරගවලදී අඩු අලෝක බලපෑම අවම කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් රතු පැහැති පන්දුව වෙනුවට රෝස පැහැති පන්දුව භාවිත කිරීමට අනුමැතිය ලබා දී තිබේ.

එවැනි තරගයකදී රතු පැහැති පන්දුව වෙනුවට රෝස පැහැති පන්දුව භාවිතා කිරීමට නම් තරගය ආරම්භයට පෙර කණ්ඩායම් දෙකේ පූර්ණ එකඟත්වය හිමි විය යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කර ඇත.

මේ අතර, රෝස පැහැති පන්දුව මේ දක්වා  දිවා - රාත්‍රී තරග සඳහා පමණක් භාවිතා කිරීමට කටයුතු කර තිබුණි.