ඉබෝලා වෛරසයෙන් කොංගෝවේ රෝගීන් පස් දෙනෙකු සුවය ලබයි
June 1, 2026 10:06 pm
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා (Ebola) වැළඳී ප්‍රතිකාර ලැබූ රෝගීන් පස් දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.
දැනට පවතින ඉබෝලා වෛරස් ව්‍යාප්තිය නිසා පුද්ගලයන් 250කට ආසන්න පිරිසක් මියගොස් ඇතත්, ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීමෙන් මෙම රෝගය සුව කරගත හැකි බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
රෝහලෙන් පිටව ගිය පස් දෙනාගෙන් සිව් දෙනෙකුම ඉබෝලා වැළඳුණු හෙදියන් සහ පිරිමි හෙද නිලධාරීන් වන අතර අනෙක් පුද්ගලයා රසායනාගාර සේවකයෙකු බව සඳහන් වෙයි.
රෝගීන්ට සේවය කිරීමට ගොස් මොවුන්ට මෙම වෛරසය වැළඳී තිබුණි.
මේ අතර, මෙවර කොංගෝවේ මෙම වෛරසය පැතිර යන්නේ 'Bundibugyo' නමැති ඉබෝලා ප්‍රභේදයයි.
මේ සඳහා තවමත් නිල වශයෙන් අනුමත කළ එන්නතක් නොමැති අතර, විද්‍යාඥයන් ඒ සඳහා එන්නත් නිපදවීමට වැඩ කටයුතු කරමින් සිටියි.
