ඩයමන්ඩ් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දෙවන ස්ථානය රුමේෂ් තරංගට

ඩයමන්ඩ් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දෙවන ස්ථානය රුමේෂ් තරංගට

June 1, 2026   08:53 pm

ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ මොරොක්කෝහි පැවති අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා උලෙළකදී දැක්වූ ඉහළම දක්ෂතාව මෙයවීමත් විශේෂත්වයකි.

රුමේෂ් තරංග මීටර 85.97ක දක්ෂතාවක් දක්වමින් එම ඉසව්වේ දෙවන ස්ථානය හිමිකර ගත්තේය.

එම ඉසව්වේ පළමු ස්ථානය ග්‍රෙනඩා හි ඇන්ඩර්සන් පීටර්ස් දිනාගත්තේ මීටර 86.8ක දක්ෂතාවක් දක්වමිනි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියකදී දැක්වූ ඉහළම දක්ෂතාව ලෙස එම දක්ෂතාව වාර්තා අතරට එක්විය.

රුමේෂ් තරංග ඊයේ (31) දැක්වූ දක්ෂතාවත් සමග පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට නියමිතය.