මේ වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 33,572ක්
June 1, 2026 07:29 pm
මේ වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 33,572ක් සහ මරණ 19ක් වර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය සඳහන් කළේ, මැයි මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් 8321ක් වාර්තා වී ඇති බවය.
මෙම රෝගීන්ගෙන් වැඩිම පිරිසක් හඳුනාගෙ ඇත්තේ, කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්රික්කයන්වලින්ය.
ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ, ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවය.
එහිදී වැඩිදුර අදහස් දැක්වූ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය,
"ඩෙංගු රෝගය මේ වෙනකොට රෝගීන් 33,572ක් දැනට වාර්තා වී තියෙනවා. තාම මාස හයයි. මරණ 19ක් . මේ වෙනකොට MOH අවදානම් 72ක්. බස්නාහිර පළාතේ තමා රෝගීන්ගෙන් 50%ක්ම දක්නට ලැබෙන්නේ. දකුණු පළාතේ 16%කුත් සබරගමුව 09%කුත් මේ වෙනකොට දකින්නට ලැබෙනවා"
