විශ්වවිද්‍යාල සිසුන් 16,000කට නේවාසික පහසුකම් දෙන්න දැවැන්ත ව්‍යාපෘති 55ක්

විශ්වවිද්‍යාල සිසුන් 16,000කට නේවාසික පහසුකම් දෙන්න දැවැන්ත ව්‍යාපෘති 55ක්

June 1, 2026   06:58 pm

දිවයින පුරා පිහිටි රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන් 16,000ක් වෙනුවෙන් නව නේවාසිකාගාර ව්‍යාපෘති 55ක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය නිවේදනය කරයි.

සරසවි සිසුන්ගේ නේවාසික පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් අදියර 3ක් යටතේ මෙම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය දියත් කෙරේ.

මෙහිදී ප්‍රධාන වශයෙන් Model A (සිසුන් 400 බැගින්) සහ Model B (සිසුන් 200 බැගින්) යන වර්ග දෙක යටතේ නේවාසිකාගාර ඉදිකිරීමට සැලසුම් කර ඇත.

මෙම සමස්ත ව්‍යාපෘතිය යටතේ වැඩිම නේවාසිකාගාර සංඛ්‍යාවක් සහ ප්‍රතිලාභීන් පිරිසක් හිමිව ඇත්තේ සබරගමුව සහ රජරට විශ්වවිද්‍යාලවලටයි. (එක් විශ්වවිද්‍යාලයකට ව්‍යාපෘති 7 බැගින් සහ සිසුන් 2,200 බැගින්).

දැනට පවතින ප්‍රගතිය අනුව රුහුණ විශ්වවිද්‍යාලය වැඩබිම් කටයුතු (75%ක් නිම කරමින්) ප්‍රායෝගිකව ඉදිරියෙන්ම සිටින අතර සෙසු විශ්වවිද්‍යාල බහුතරයක ටෙන්ඩර් සහ මිලගණන් කැඳවීමේ මූලික අදියරයන් සාර්ථකව නිම වෙමින් පවතී.

මේ වන විට එක් එක් විශ්වවිද්‍යාල සහ මණ්ඩප මට්ටමින් එම ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය මෙසේය.

1. නැගෙනහිර විශ්වවිද්‍යාලය

 ලැබෙන සමස්ත ව්‍යාපෘති ගණන: නව නේවාසිකාගාර ව්‍යාපෘති 05කි.  

නේවාසිකාගාර වර්ග: Model A (සිසුන් 400) වර්ගයේ නේවාසිකාගාර 03ක් සහ Model B (සිසුන් 200) වර්ගයේ නේවාසිකාගාර 02කි.  

පහසුකම් ලබන මුළු සිසුන් සංඛ්‍යාව - 1,600කa.  

 වත්මන් ප්‍රගතිය: එක් නේවාසිකාගාරයක් ඉදිකිරීමේ මිලගණන් කැඳවීම් (Bids) 2026 අප්‍රේල් 30 වනදා විවෘත කර ඇති අතර, දැනට සුදුසුම ආයතනය තෝරාගැනීමේ ඇගයීම් කටයුතු සිදු කෙරේ.  

2. යාපනය විශ්වවිද්‍යාලය
 ලැබෙන සමස්ත ව්‍යාපෘති ගණන: නව නේවාසිකාගාර ව්‍යාපෘති 02කි.  

 නේවාසිකාගාර වර්ග: Model A (සිසුන් 400) වර්ගයේ නේවාසිකාගාර 01ක් සහ Model B (සිසුන් 200) වර්ගයේ නේවාසිකාගාර 01කි.  

 පහසුකම් ලබන මුළු සිසුන් සංඛ්‍යාව - 600කa.  

 වත්මන් ප්‍රගතිය: එක් නේවාසිකාරයක් ඉදිකිරීමේ ටෙන්ඩර් මිලගණන් 2026 අප්‍රේල් 02 වනදා විවෘත කර ඇති අතර, විශ්වවිද්‍යාලය මඟින් එම යෝජනා ඇගයීමේ කටයුතු මේ දිනවල ක්‍රියාත්මක වේ.  

 3. සබරගමුව විශ්වවිද්‍යාලය 
 ලැබෙන සමස්ත ව්‍යාපෘති ගණන: නව නේවාසිකාගාර ව්‍යාපෘති 07කි.  

 නේවාසිකාගාර වර්ග: Model A (සිසුන් 400) වර්ගයේ නේවාසිකාගාර 04ක් සහ Model B (සිසුන් 200) වර්ගයේ නේවාසිකාගාර 03ක්.  

 පහසුකම් ලබන මුළු සිසුන් සංඛ්‍යාව - 2,200ක්.  

 වත්මන් ප්‍රගතිය: එක් නේවාසිකාගාරයක් ඉදි කිරීමේ ටෙන්ඩර් මිලගණන් කැඳවීමේ කටයුතු 2026 මැයි 20 වනදා සිදු කර ඇත.  

 4. අග්නිදිග විශ්වවිද්‍යාලය 
 ලැබෙන සමස්ත ව්‍යාපෘති ගණන: නව නේවාසිකාගාර ව්‍යාපෘති 06කි.  

 නේවාසිකාගාර වර්ග: Model A (සිසුන් 400) වර්ගයේ නේවාසිකාගාර 04ක් සහ Model B (සිසුන් 200) වර්ගයේ නේවාසිකාගාර 02කි.  

 පහසුකම් ලබන මුළු සිසුන් සංඛ්‍යාව - 2,000ක්.  

 වත්මන් ප්‍රගතිය: එක් නේවාසිකාරයක් ඉදිකිරීම සඳහා වන ටෙන්ඩර් මිලගණන් 2026 මැයි 21 වනදා නිල වශයෙන් විවෘත කර ඉදිරි පියවර ගනිමින් පවතී.  

5. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

 ලැබෙන සමස්ත ව්‍යාපෘති ගණන: නව නේවාසිකාගාර ව්‍යාපෘති 04කි.  

 නේවාසිකාගාර වර්ග: Model A (සිසුන් 400) වර්ගයේ නේවාසිකාගාර 02ක් සහ Model B (සිසුන් 200) වර්ගයේ නේවාසිකාගාර 02කි.  

 පහසුකම් ලබන මුළු සිසුන් සංඛ්‍යාව - 1,200ක්.  

 වත්මන් ප්‍රගතිය: එක් නේවාසිකාගාරයක් ඉදිකිරීම සඳහා වන නිල ටෙන්ඩර් සහ නීතිමය ලියකියවිලි (Bidding Documents) සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරේ.  

6. රජරට විශ්වවිද්‍යාලය

 ලැබෙන සමස්ත ව්‍යාපෘති ගණන: නව නේවාසිකාගාර ව්‍යාපෘති 07කි.  

 නේවාසිකාගාර වර්ග: Model A (සිසුන් 400) වර්ගයේ නේවාසිකාගාර 04ක් සහ Model B (සිසුන් 200) වර්ගයේ නේවාසිකාගාර 03ක්.  

 පහසුකම් ලබන මුළු සිසුන් සංඛ්‍යාව - 2,200ක්.  

 වත්මන් ප්‍රගතිය: එක් නේවාසිකාගාරයක් ඉදි කිරිමට ඉදිකිරීම්කරුවන් තෝරාගැනීම සඳහා වන මිලගණන් කැඳවීම් 2026 මැයි 21 වනදා සාර්ථකව විවෘත කර ඇත.  

7. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය

 ලැබෙන සමස්ත ව්‍යාපෘති ගණන: නව නේවාසිකාගාර ව්‍යාපෘති 06කි.  

 නේවාසිකාගාර වර්ග: Model A (සිසුන් 400) වර්ගයේ නේවාසිකාගාර 03ක් සහ Model B (සිසුන් 200) වර්ගයේ නේවාසිකාගාර 03ක්.  

 පහසුකම් ලබන මුළු සිසුන් සංඛ්‍යාව - 1,800ක්.  

 වත්මන් ප්‍රගතිය: එක් නේවාසිකාගාරයක් ඉදිකිරීමට ඉදිකිරීම් සමාගම් සමඟ මූලික සාකච්ඡා (Pre-bid meeting) පවත්වා ඇති අතර, මිලගණන් කැඳවීම 2026 මැයි 22 දින සිදු කර ඇත.

8. වවුනියාව විශ්වවිද්‍යාලය

 ලැබෙන සමස්ත ව්‍යාපෘති ගණන: නව නේවාසිකාගාර ව්‍යාපෘති 04කි.  

 නේවාසිකාගාර වර්ග: Model A (සිසුන් 400) වර්ගයේ නේවාසිකාගාර 02ක් සහ Model B (සිසුන් 200) වර්ගයේ නේවාසිකාගාර 02කි.  

 පහසුකම් ලබන මුළු සිසුන් සංඛ්‍යාව - 1,200ක්.  

 වත්මන් ප්‍රගතිය: එක් නේවාසිකාගාරයක් සඳහා මිලගණන් ඇගයීමේ වාර්තාව (Technical Evaluation Report) මේ වන විට සකස් වෙමින් පවතී.  

9. මොරටුව විශ්වවිද්‍යාලය

 ලැබෙන සමස්ත ව්‍යාපෘති ගණන: නව නේවාසිකාගාර ව්‍යාපෘති 02කි.  

 නේවාසිකාගාර වර්ග: Model B (සිසුන් 200) වර්ගයේ නේවාසිකාගාර 02ක් පමණි.  

 පහසුකම් ලබන මුළු සිසුන් සංඛ්‍යාව - 400ක්.  

 වත්මන් ප්‍රගතිය: එක් නේවාසිකාගාරයක් සඳහා 2026 මැයි 17 වනදා වන විට මිල ගණන් කැඳවීම් අරඹා ඇත.  

10. වයඹ විශ්වවිද්‍යාලය (Wayamba University)
 ලැබෙන සමස්ත ව්‍යාපෘති ගණන: නව නේවාසිකාගාර ව්‍යාපෘති 04කි.  

 නේවාසිකාගාර වර්ග: Model A (සිසුන් 400) වර්ගයේ නේවාසිකාගාර 02ක් සහ Model B (සිසුන් 200) වර්ගයේ නේවාසිකාගාර 02කි.  

 පහසුකම් ලබන මුළු සිසුන් සංඛ්‍යාව - 1,200ක්.  

  වත්මන් ප්‍රගතිය: එක් නේවාසිකාගාරයක් සඳහා ටෙන්ඩර් ලේඛනය පිළියෙල කිරීමේ කටයුතුවල නිරත වෙමින් සිටී.

11. රුහුණ විශ්වවිද්‍යාලය

 ලැබෙන සමස්ත ව්‍යාපෘති ගණන: නව නේවාසිකාගාර ව්‍යාපෘති 04කි.  

 නේවාසිකාගාර වර්ග: Model B (සිසුන් 200) වර්ගයේ නේවාසිකාගාර 04ක් පමණි.  

 පහසුකම් ලබන මුළු සිසුන් සංඛ්‍යාව -  800ක්.  

 වත්මන් ප්‍රගතිය: එක් නේවාසිගාරයක් ඉදි කිරීම සඳහා වැඩබිම තුළ ප්‍රායෝගික වැඩ අරඹමින්, ඉදිකිරීමට නියමිත භූමිය සකස් කිරීමේ කටයුතු මේ වන විට 75%ක් නිම කර ඇත.

12. ත්‍රිකුණාමලය මණ්ඩපය

 ලැබෙන සමස්ත ව්‍යාපෘති ගණන: නව නේවාසිකාගාර ව්‍යාපෘති 02කි.  

 නේවාසිකාගාර වර්ග: Model B (සිසුන් 200) වර්ගයේ නේවාසිකාගාර 02 කි.  

 පහසුකම් ලබන මුළු සිසුන් සංඛ්‍යාව - 400ක්.  

 වත්මන් ප්‍රගතිය: සැලසුම් කර ඉදිකිරීමේ (Design and Build) පදනම මත එක් නේවාසිකාගාරයක් ඉදි කිරීම සඳහා 2026 අප්‍රේල් 09 සිට මැයි 27 දක්වා කාලය තුළ මිලගණන් කැඳවා අවසන් කර ඇත.  

13. ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලය

 ලැබෙන සමස්ත ව්‍යාපෘති ගණන: නව නේවාසිකාගාර ව්‍යාපෘති 02කි.  

 නේවාසිකාගාර වර්ග: Model B (සිසුන් 200) වර්ගයේ නේවාසිකාගාර 02ක් පමණි.  

 පහසුකම් ලබන මුළු සිසුන් සංඛ්‍යාව - 400ක්.  

 වත්මන් ප්‍රගතිය: එක් නේවාසිකාගාරයක් ඉදි කිරීම සඳහා භූමිය තෝරා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතින අතර, සැලසුම් කර ඉදිකිරීමේ ක්‍රමවේදයට අනුමැතිය හිමිව ඇත.