පසුගිය 29 සහ 30 දෙදින සිදුවූ රිය අනතුරු 19කින් 24දෙනෙක් මරුට 

පසුගිය 29 සහ 30 දෙදින සිදුවූ රිය අනතුරු 19කින් 24දෙනෙක් මරුට 

June 1, 2026   05:47 pm

පසුගිය 29 සහ 30 යන දෙදින තුළ සිදුවූ මාර්ග රිය අනතුරු 19කින් පුද්ගලයින් 24දෙනෙකු මියගොස් ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා,

"පසුගිය දින 2 තුළ 5.29 සහ 5.30 වෙසක් දින දෙක තුළ මාර්ග රිය අනතුරු 19ක් වෙලා තියෙනවා. ඉන් 24ක් මිය ගිහින් තියෙනවා. බරපතළ අනතුරු 29ක් වෙලා තියෙනවා. සුළු අනතුරු 96 වෙලා තිවෙනවා. අලාභ අනතුරු 19ක් වෙලා තියෙනවා. මේ මාර්ග රිය අනතුරුවලට ලක් වුණු වාහන ගත්තොත් යතුරුපැදි 15ක්, ත්‍රී රෝද රථ 03ක්,ලොරි රථ දෙකක් තියෙනවා. ඒ ආදී වශයෙන් පුද්ගලික බස්රථ දෙකක් කැබ්රථ 1ක් වශයෙන් වාහන සම්බන්ධ වෙලා තියෙනවා. පදිකයින් 13ක් මිය ගිහින් තියෙනවා. යතුරුපැදිකරුවන් 7ක් මිය ගිහින් තියෙනවා. පසුපැදිකරුවන් එක්කෙනෙත් මිය ගිහින් පාපැදිකරුවන් එක්කෙනෙක් මියගිහින් තියෙනවා.රියදුරන් එක්කෙනෙක්, මගීන් එක්කෙනෙක්, වශයෙන් පුද්ගලයින් 24 දෙනෙක් මියගිහින් තියෙනවා"