පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය මාදම්පේ දක්වා පමණයි
June 1, 2026 05:32 pm
දුම්රිය පිලී පැනීමක් හේතුවෙන් පුත්තලම මාර්ගයේ ධාවනය වන දුම්රියන් කොළඹ කොටුව සිට මාදම්පේ දක්වා පමණක් සීමා වන බව දුම්රිය දෙපාර්මේන්තුව පවසයි.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 9.30ට හලාවත බලා ධාවනය වූ දුම්රිය දහවල් 12.30ට පමණ හලාවත දුම්රිය වෙත ඇතුළු කිරීමේදී මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවය.
මෙම සිද්ධිය හේතුවෙන් පුත්තලම මාර්ගයේ ධාවනය වන සියලු දුම්රියන්ගේ ගමන්වාර තාවකාලිකව මාදම්පේ දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කර තිබේ.
