තල්පේ ප්‍රදේශයේදී මුහුදේ දිය නාමින් සිටි තරුණයින් සිව්දෙනෙක්ගෙන් එක් අයෙකු අතුරුදන්

තල්පේ ප්‍රදේශයේදී මුහුදේ දිය නාමින් සිටි තරුණයින් සිව්දෙනෙක්ගෙන් එක් අයෙකු අතුරුදන්

May 31, 2026   10:51 pm

තල්පේ ප්‍රදේශයේ විනෝද චාරිකාවකට පැමිණි සිව්දෙනෙකු අද (31) පස්වරුවේ තල්පේ මුහුදේ දිය නාමින් සිටියදී රළ පහරට හසුව මුහුදේ ගසා ගෙන යාමෙන් එක් අයෙකු අතුරුදන්ව තිබේ.

මෙම පිරිස කුරුණැගල ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් වන අතර අනතුරට ලක්වූ අනෙක් තරුණයින් තිදෙනා ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ගාල්ල ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනුයේ ප්‍රතිකාර ලබන තරුණයින්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවය.

මුහුදේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇත්තේ කුරුණැගල මල්ලව ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකි.

ඔහු සෙවීම සඳහා පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මේ වන විටත් මෙහෙයුම් ආරම්භ කර ඇතැයිද වාර්තා වේ.