දෙරණ 24 පැයේ මහා බත් දන්සල සාර්ථකව අවසන්
May 31, 2026 07:12 pm
දෙරණ ''පැය විසි හතරක් පුරා පැවැත්වූ ශ්‍රී ලංකාවේ ලොකුම බත් දන්සල'' මීට සුළු වේලාවකට පෙර අද (31) රාත්‍රී 7 ට අවසන් කෙරුණි.
වෙසක් පොහොය නිමිති කරගනිමින් ටීවී දෙරණ තුන්වැනි වරටත් සංවිධාන කළ , පැය 24ක් පුරා අඛණ්ඩව පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ලොකුම දන්සල කොළඹ 07 නිදහස් චතුරස්‍ර පරිශ්‍රෙය්දී ඊයේ පස්වරු 7 ට ආරම්භ කළේය.
ඒ දෙරණ නිර්මාතෘ දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.
ශ්‍රී ලංකා වෘත්තිය සූපවේදීන්ගේ සංගමය සහ කොළඹ මහනගර සභාව සමඟ අත්වැල් බැඳගනිමින් දෙරණ මාධ්‍ය ජාලය සංවිධානය කළ මෙම "පැය විසි හතරක් පුරා පවත්වන ශ්‍රී ලංකාවේ ලොකුම බත් දන්සල''ට හතලිස් දහසකට අධික ජනකායක් ඊයේ (30) මෙන්ම අද (31)දිනයේත් පැමිණ තිබුණි.
බත් දන්සලට සමගාමීව තේ දන්සැලක් සහ අයිස් ක්‍රීම් දන්සලක්ද පැවැත්වුණි.
