රජයේ මත්පැන් සහ බීර නීතිවිරෝධීව අලෙවි කළ පුද්ගලයෙක් කොටුවෙයි
May 31, 2026 05:30 pm
රජයේ මත්පැන් සහ බීර නීතිවිරෝධී ලෙස අලෙවි කළ සැකකරුවෙකු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විර්මශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (30) වැල්ලවත්ත, දයා පාර ප්රදේශයේදී කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විර්මශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම මත්පැන් තොගය හමු වූ බව සඳහන් වේ.
මත්පැන් 750ml ප්රමාණයේ බෝතල් 67, 375ml ප්රමාණයේ බෝතල් 66, 180ml ප්රමාණයේ බෝතල් 217 ක් හා බීර 500ml ප්රමාණයේ කෑන් 327 ක් පොලිස්භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 36 ක් වන වැල්ලවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සහ මත්පැන් තොගය වැල්ලවත්ත පොලීසියට ඉදිරිපත් කර ඇති අතර වැල්ලවත්ත පොලීසිය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.
