සතර නිර්මාතෘ දිවි සැරිය නිමකරයි

සතර නිර්මාතෘ දිවි සැරිය නිමකරයි

May 31, 2026   03:34 pm

සතර සමූහ සේවාවේ නිර්මාතෘ සතර ප්‍රධාන කර්තෘ කේ.ඩී. චන්ද්‍රසෝම පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඊයේ (30) මෙලෙස එතුමා සිය දිවිගමනෙන් සමුගත්බව ඥතින් තහවුරැකළේය.

ඔහු මියයන විට 82 වියේ පසු විය.

එතුමාගේ දේහය නො. 8/2, මෙල්ඩර් පෙදෙස, නූගේගොඩ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත.

ආදාහන කටයූතු ජූනි මස 02 වන අඟහරුවාදා ප.ව. 4.00ට බොරැල්ල පොදූ සූසාන භූමියේදී සිදුකිරීමටනියමිත බව දැනුම් දී ඇත.

චන්ද්‍රසෝම පෙරේරා මහතා ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ, විශේෂයෙන්ම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ ගණිතය විෂය සම්බන්ධයෙන් ඉතා ප්‍රසිද්ධ ප්‍රවීණ ගුරුවරයෙක්, කතුවරයෙකි.

ඔහු ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ හිටපු නිලධාරියෙක්වේ.

කලා උපාධිධාරියෙකු වන ඔහු, අධ්‍යාපන ඩිප්ලෝමාව සහ ගණිතය පිළිබඳ විශේෂ පුහුණුව ලබා ඇත.  

සතර ප්‍රකාශන යනු ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් වෙනුවෙන් අතිරේක පොත්පත්, ප්‍රශ්න පත්‍ර සහ වැඩපොත් මුද්‍රණය කර බෙදාහරින ප්‍රමුඛ පෙළේ අධ්‍යාපනික ප්‍රකාශන ආයතනයකි.

විශේෂයෙන්ම 1 ශ්‍රේණියේ සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ (O/L) සහ උසස් පෙළ (A/L) දක්වා විවිධ විෂයන්ට අදාළ පොත්පත් මොවුන් විසින් ප්‍රකාශයට පත් කරනු ලබයි.  

කෙටියෙන් කිවහොත්, ලංකාවේ ප්‍රාථමික ශ්‍රේණිවල (විශේෂයෙන්ම ශිෂ්‍යත්ව) අධ්‍යාපනය ලබන දරුවන්ගේ ගණිත, සිංහල සහ පොදු දැනුම වර්ධනය උදෙසා චන්ද්‍රසෝම පෙරේරා මහතා සහ සතර ප්‍රකාශන ආයතනය එක්ව විශාල මෙහෙවරක් ඉටුකරයි.