header logo
SLIC
ක්‍රීඩා
IPL අවසන් සටන අද
May 31, 202611:43 AM
IPL අවසන් සටන අද
EDEX

පුරා මාස තුනකට අධික කාලයක් ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ ආකර්ෂණය දිනාගත් ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ අවසන් මහා තරගය අහ්මදාබාද්හිදී අද (31) රාත්‍රියේ පැවැත්වේ.

අවසන් තරගය සඳහා ගුජරාට් ටයිටන්ස් හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායම් සුදුසුකම් ලබා සිටී.

තරග 70කින් සමන්විත මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කරගැනීමට ප්‍රබල බැංගලෝරු කණ්ඩායම සමත් විය.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම එහි දෙවන ස්ථානය හිමිකරගත්තේය.

වත්මන් ශූරයන් වන බැංගලෝරු මෙන්ම ගුජරාට් කණ්ඩායම් එක් අවස්ථාව බැගින් මේ දක්වා IPL ශූරතාව දිනාගෙන සිටියි.

ඒ අනුව බැංගලෝරු කණ්ඩායම සිය ශූරතාව රැකගැනීමේ අරමුණින් පිටියට පිවිසෙන අතර, 2022 වසරේ ශූරයන් වන ගුජරාට් කණ්ඩායම දෙවන වරටත් ශූරතාව තමන් සතු කරගැනීමේ දැඩි බලාපොරොත්තුවෙන් තරගට පිවිසේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight