කුකුල් මස් අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදාහැරි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
May 30, 2026 03:52 pm
මහවැලි ගඟට ජලය ගලා බසින හැටන්ඔයට කුකුල් මස් අපද්‍රව්‍ය මුදාහැරි සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (29) රාත්රියේදී සිය භාරයට ගත් බව හැටන් පොලිසිය සඳහන් කළේය.
මොවුන් කුඩා ලොරි රථයක මෙම අපද්‍රව්‍ය පටවාගෙන හැටන් කොළඹ පැරණි මාර්ගයේ රැගෙන ගොස් හැටන් ඔයට මුදාහැරීමට සූදානම්ව සිටියදී රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් ඒ බව දැක සැකකරුවන් දෙදෙනා සහ ලොරි රථය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ ලොරි රථය හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසියේ පරිසර ඒකකය සඳහන් කළේය.
