ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති හා අගමැතිනිය අතර හමුවක්

ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති හා අගමැතිනිය අතර හමුවක්

May 29, 2026   09:04 pm

ශ්‍රී ලංකාව සඳහා වතිකාන තානාපතිවරයා ලෙස නම් කරන ලද අතිඋතුම් මොන්සිනියර් ඇන්ඩ්‍රි ජොස්වොවිච් අද (29) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමු වී තිබේ.

තානාපතිවරයාව පිළිගත් අග්‍රාමාත්‍යතුමිය, එතුමා වෙත සුබපැතුම් පිරිනමා ඇති අතර ශ්‍රී ලංකාව සහ වතිකානය අතර පසුගිය දශක පහක කාලය පුරා පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ අධ්‍යාත්මික සහයෝගීතාවය පිළිබඳව සිය ප්‍රසාදය පළ කර තිබේ.

ශුද්ධෝත්තම දහහතරවන ලියෝ පාප් වහන්සේගේ නව නායකත්වය යටතේ කතෝලික සභාවේ අඛණ්ඩ මැදිහත්වීම තුළින් දෙරට අතර පවතින මිත්‍රත්වයේ බැඳීම් තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශවයම එකඟතාව මෙහිදී පළ කර ඇත.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.