දින 10ක් තිස්සේ මුහුදේ අතරමංව සිටි 'මිනු බබා -1' යළි ගොඩබිමට
May 29, 2026 04:45 pm
බේරුවල ධීවර වරායෙන් මුහුදුගොස් අතුරුදන්ව තිබූ 'මිනු බබා-1' නම් බහුදින ධීවර යාත්‍රාව දින 10කට පසු අද (29) හික්කඩුව ධීවර වරාය වෙත පැමිණියේය.
මෙම ධීවර යාත්‍රාව ධීවරයන් 6දෙනෙකු සමග පසුගිය අප්‍රේල් 26වැනිදා මුහුදුගොස් තිබූ අතරවාරයේ කාර්මික දෝෂයට ලක්ව ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් කිලෝමීටර් 300ක් පමණ ඈතට ගොස් තිබී ඇත.
ආහාර හිඟව තිබී ඇති එම යාත්‍රාවේ ඉන්ධනද අවසන් වී ඇත.
පසුව වෙනත් ධීවර යාත්‍රාවකින් ඔවුන්ට ඉන්ධන හා ආහාර ලබාදී ඇති අතර, ඒ හේතුවෙන් ඔවුන්ට හික්කඩුව ධීවර වරායට යළි පැමිණීමට හැකිව තිබේ.
තමන්ට ආහාර සහ ජලය හිඟවීමෙන් මහත් අපහසුතාවයට පත් වූ බවත්, ජලය නොමැතිව බැට්රි වතුර පවා බීමට සිදුවූ බවත් ඔවුන් පවසයි.
එමෙන්ම එන්ජිම ක්‍රියාවිරහිත වීම නිසා ගොඩබිම හා සම්බන්ධ පණිවුඩ යන්ත්‍රයේ සම්බන්ධතාව ද බිඳවැටී තිබූ බව සඳහන්.
