මැයි මාසයේ කොළඹ උද්ධමනයේ සුළු වැඩිවීමක්

මැයි මාසයේ කොළඹ උද්ධමනයේ සුළු වැඩිවීමක්

May 29, 2026   03:31 pm

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 මැයි මාසයේදී තවදුරටත් ඉහළ ගොස් තිබේ. 

ඒ අනුව, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය 2026 අප්‍රේල් මාසයේදී වාර්තා වූ සියයට 5.4ට සාපේක්ෂව 2026 මැයි මාසයේදී සියයට 5.5 ක් දක්වා සුළු වශයෙන් වැඩිවී ඇත.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර උද්ධමනය 2026 අප්‍රේල් මාසයේදී වාර්තා වූ සියයට 2.8 සිට 2026 මැයි මාසයේදී සියයට 0.9ක් දක්වා පහළ ගොස් තිබේ.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර නොවන උද්ධමනය 2026 අප්‍රේල් මාසයේදී වාර්තා වූ සියයට 6.8හි සිට 2026 මැයි මාසයේදී සියයට 7.8ක් දක්වා ඉහළ ගොස් ඇත‍.